Wednesday, December 21, 2016

inter college anthem
Kindly consider that when editing the vedio we were missing a letter in the word "college"


Sunday, December 18, 2016

මේ ඔබේ මතකයේ සොඳුරු ස්ථාන......
#Admin_001_Founder_of_the_Page_AP
2016 © All Rights Reserved
█║▌│█│║▌│█║
Like ✔Comment ✔Tag ✔Share✔




Saturday, December 17, 2016

“ඉදිරියේ දී ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කරනවා”- අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්.......
ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ක්‍රීඩා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් පමණක් වෙන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ වනවිට ක්‍රීඩා මෙන්ම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් පුහුණු කිරීම ද ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු කෙරේ. එහෙත් ඉදිරියේ දී පාසල් පද්ධතියට අලුතින් බඳවාගන්නා ක්‍රීඩා උපදේශකවරුන් ද පුහුණු කිරීම ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් සිදුකිරීමට නියමිත අතර, ක්‍රීඩා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ක්‍රීඩා ගුරුවරුන් පමණක් පුහුණු කරන ආයතනයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළ කළේ, අද (15) පැවති ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන පිළිබඳ පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2017 රජයේ අයවැය යෝජනා මගින් පාසල් දරුවන්ගේ ශාරීරික අධ්‍යාපනය ඉහළ නැංවීම ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම අරමුණු කරගෙන විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇති බවයි.
අද දින එළි දක්වන ලද පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම යටතේ 2017 වසරේ සිට ඉදිරි වසර පහ ඇතුළත පහත ප්‍රධාන ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට කටයුතු සැලසුම් කර තිබේ.
· ශාරීරික අධ්‍යාපන විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ක්‍රීඩාංගනය තුළ ක්‍රියාත්මක කිරීම
· සෑම සිසුදරුවකු ම කිසියම් හෝ ක්‍රීඩාවක නිරත කරවීමට කටයුතු කිරීම
· ප්‍රාථමික අධ්‍යාපන අංශයේ සිසුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම
· පාසල් ක්‍රීඩා තරග නියමිත පරිදි සංවිධානය
· සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව අගයමින් දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම හා ඔවුන් ක්‍රීඩා පාසල් වෙත යොමු කරවීම
· ක්‍රීඩා දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් පුහුණු සංචිත ක්‍රියාත්මක කිරීම
· දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා පාසල් යලි ගොඩනැගීම හා ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ කලාප මට්ටමින් ක්‍රීඩා පාසල් 98ක් පිහිටුවීම
· ජාතික ක්‍රීඩා පාසලක් පිහිටුවීම
· පාසල් ක්‍රීඩා සංගම් ක්‍රමවත් ක්‍රමවේදයක් යටතේ පරිපාලනය කිරීමට කටයුතු කිරීම
· දේශීය හා විදේශීය තරග සඳහා සිසුන් සහභාගී කරවීම
· උදෑසන පාසල් ශරීර සුවතා වැඩසටහන යාවත්කාලීනව පවත්වාගෙන යාම
· ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා වැඩමුළු පැවැත්වීම
· ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා නායකත්ව පුහුණු වැඩමුළු පැවැත්වීම
· සියලු පාසල් තරග විනිශ්චය කිරීමට ගුරු මහත්ම මහත්මීන් පුහුණු කිරීම
· එක් එක් ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් බිහිකිරීම පිණිස පාඨමාලා ක්‍රියාත්මක කිරීම
· ක්‍රීඩාවේ නියුක්ත වීමේ දී පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගන්නා අන්දම සම්බන්ධව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීම
2017 වසරේ සිට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම් ප්‍රගුණ කිරීම සඳහා වන අංක ED/9/15/2/3/ පොදු දරන 2016-12-09 දිනැති පාසල් ක්‍රීඩා ප්‍රවර්ධන චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරුණි.
ඒ අනුව, ඉදිරියේ දී ජාතික මට්ටමින් පවත්වන පාසල් ක්‍රීඩා තරග සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වය, කණ්ඩායම් තෝරාගැනීම, පුහුණු කිරීම සහ ඉදිරිපත් කිරීම සම්බන්ධව මෙතෙක් නිකුත් කර ඇති චක්‍රලේඛ අභිබවා මෙම චක්‍රලේඛය බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ජාතික සංවර්ධන වැඩසටහන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් සෘජුව දායක වන සියලු විෂය භාර පළාත් සහ කලාප අධ්‍යක්ෂවරුන්, පාසල් ක්‍රීඩා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් තම අදහස්, යෝජනා සහ ගැටළු සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සුහද කතාබහක ද නිරත විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධ ක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම, පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
#Admin_001_Founder_of_the_Page_AP
2016 © All Rights Reserved
█║▌│█│║▌│█║
Like ✔Comment ✔Tag ✔Share✔